වවුනියාවේ එළවළු තොග වෙළඳපොළ යළි අරී



(ප්‍රදීප් කුමාර)
 
පවතින කොරෝනා වසංගත උවදුර හමුවේ වසා දැමුණු වවුනියාව එළවළු තොග අලෙවි වෙළදපොළේ කටයුතු අද(08) සිට යළිත් ආරම්භ කර තිබේ.
 
මෙම වෙළදපොළේ කටයුතු පසුගිය දින කිහිපය පුරාම නවතා දමා වෙළදසැල් වසා දමන ලද්දේ, වවුනියාව නගරයේ කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමගිනි. ඒ අනුව වසා දැමුණු මෙම වෙළඳ සංකීර්ණය විසබීජහරණයෙන් අනතුරුව යළිත් මෙසේ විවෘත කරන ලදී.
 
ඒ අනුව විවෘත කළ වෙළඳපොළ තුළ දැඩි සෞඛ්‍ය රීතීන්ට අනුව කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ කටයුතු යොදා ඇත.