රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි


 
(රේඛා තරංගනී ෆොන්සේකා)
 
කොළඹ කොටුව දුම්රිය ස්ථානය පිහිටි කලාපයටද අද දින (25) නිරෝධායනය ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් අද දින ධාවනයට  නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රියන් සියල්ල අවලංගු කර ඇති බව දුම්රිය ආරංචි මාර්ග පවසයි.
 
මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ .ඩී .ජී සෙනවිරත්න මහතා පැවසූයේ පවතින නිරෝධාන ඇඳිරි නීති තත්ත්වය හේතුකොට ගනිමින් අද රාත්‍රියේ මඩකලපුව, යාපනය, බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් තාවකාලිකව නවතා ලීමට පියවර ගෙන ඇති බවයි.
 
 මීට අමතරව පසුගිය 24 වෙනිදා සිට නැවත දැනුම් දෙන තුරු දුම්රිය ගමන් වාර කිහිපයක් ද නවතා ඇති අතර ඒ අනුව පුත්තලම මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය ගමන් වාර 8ක්ද මුහුදු බඩ මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය ගමන් 6ක්ද කැළණිවැලි මාර්ගයේ ගමන් ගන්නා දුම්රියන් දෙකක්ද නවතා ඇත.