
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් අද (23) පස්වරු 6.05 වනවිට තවත් ආසාදිතයින් 609 ක් හදුනාගෙන තිබේ.
නිරෝධායනය මධ්‍යස්ථාන වල සිටින 48 ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලේ 496 ක්, ගාල්ල ධීවර වරායේ 5 ක්, බේරුවල ධීවර වරායෙන් 20 ක් සහ ආශ්‍රිතයින් 40 ක්ද එම ආසාදිතයන් අතර වෙති.
මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3426කි.


