මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 4000 ඉක්මවයි


 

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට  තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ.

නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට අයත් නොවන අතර ආසාදිතයන් 92 දෙනාම ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ති‍බේ.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ‍ආසාදිතයන් සංඛ්‍යාව 368 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4050 ක් දක්වා ඉහළ ගොස් තිබේ.