(කටුනායක ටී.කේ.ජී.කපිල)
එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍ය වල ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු අද (04) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙයින් පළමු වැන්න ඊයේ (03) රාත්‍රී 11.45 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 07 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
පසුව අද (04) අලුයම 1.45ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 10 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.

