(ඩබ්ලිව්.ඒ. අසේල සහ එම්. දසනායක)
මාරස්සන නගරයේ ජංගම මාළු අලෙවිකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යලයේ නිලධාරින්ගේ උපදෙස් මත අද (01) සවස සිට මාරස්සන නගරයේ සියලූ වෙළඳසැල් දින නියමයක් නොමැතිව වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත

අම්පිටිය තලාතුඔය මාරස්සන ආදි ප්‍රදේශ බොහොමයක මාළු බෙදා හැරීමේ ප්‍රධානියා වන මොහු පසුගිය දින කිහිපය තුලදීම පෑලියගොඩ වෙළඳසැලෙන් මාළු ගෙනවිත් වෙළඳාමේ නිරත වී ඇත. විශේෂයෙන්ම මාරස්සන අවට කොළඹිස්ස, මාඋස්සාව, පස්ගම, මොරගොල්ල, පනන්වල, මුදුනකඩේ, බූටාවත්ත අම්පිටිය යන ප්‍රදේශවල මොහු මෙම දින කිහිපයේම මාළු වෙළදාම් කර ඇත.
මේ හේතුවෙන් මේ වන විට තලාතුඔය නගරයේ මත්පැන් අලෙවි සැල්ද වසා දමා ඇති අතර මෙම ව්‍යාපාරිකයා හා සම්බන්ධතා පැවැත්වූ සියලූ දෙනාටම ස්වයං නිරෝධනය වන ලෙස තලාතුඔය පොලීසිය හා පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටි.