මරදාන - දෙමටගොඩ ඇතුළු ප්‍රදේශ 5කට ඇඳිරි නීතිය


 

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි‍ කො‍විඩ්-19 ‍වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටද ලබන සඳුදා (26) උදෑසන 5.00 වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි‍ එම නිවේදනයේ  සඳහන් වේ.