බෙන්තොට - බලපිටියේ පුද්ගලයින් 336 ක් නිරෝධායනයේ


(ජේ.ඉඳුරුවගේ)

බෙන්තොට සහ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි පුද්ගලයන් 336  දෙනෙකු මේ වනවිට සිය නිවෙස් තුළ ස්වයං  නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ඉඳුරුව පරිපාලන මහජන  සෞඛ්‍ය  පරීක්ෂක නිහාල් රනසූරිය මහතා  පවසයි.

මෙයින්  184 දෙනෙක් බලපිටියේ  වන අතර 152ක් බෙන්තොට  පදිංචිකරුවෝය.

මෙලෙස  නිරෝධායනයට  ලක් කර ඇති පිරිස ඉතාලිය , ප්‍රංශය ,මාල දිවයින , මැද පෙරදිග  සිට මෙරටට පැමිණි  සහ සංචාරක මාර්ගෝපදේශකයන් ලෙස සේවය කළ අය බවද රණසූරිය මහතා පැවසීය.

මොවුන් පිළිබඳව ප්‍රදේශයේ මහජන  සෞඛ්‍ය  පරීක්ෂකවරුන් හා පොලිසිය මගින් නිරන්තරයෙන් පරීක්ෂණයට ලක් කරන බවත් රනසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.