බන්ධනාගාර රැඳවියන් බැලීම අද සිට තහනම්


( ජයන්ත සමරකෝන්) 

ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීම  නැවත දැනුම් දෙනතුරු  අද ( 8) සිට අමුත්තන්ට තහනම් කර ඇතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ  රැඳවියකුට කොරෝනා අසාදනයවීමෙන් පසු  ඊයේ දිනයේදී  වැලිකඩ බන්ධනාගාරයේ පමණක් රැඳවියන් බැලීම  තහනම් කළ  අතර අද සිට යළි දැනුම් දෙන තුරු සියලුම බන්ධනාගාර රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කර ඇත.