( පාලිත නානායක්කාර )
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රූගත කිරීමක් කරමින් සිටි ජනප්‍රිය නිලියක්ඇතුළු 24 දෙනෙකු බණ්ඩාරවෙල ප්‍රධාන හෝටලයක දී අද (1) නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ බව බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි.
බණ්ඩාරවෙල පළමු පටුමග අබතැන්න වත්ත ලැගුම්හලක ප්‍රසිද්ධ නිළියක් ඇතුළු නළු නිළියන් පිරිසක් සමග කණ්ඩායමක් කිසියම් රූගත කිරීමක් සිදුකරන බවට ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී මෙම පිරිස හමුව ඇත.
අනතුරුව හෝටලය තුළදීම නිරෝධායන පනතට අනුව නිරෝධායනය කිරීමට කටයුතු කළ බව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.

