
(බන්දුල ඉලේපෙරුම)
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට පමණක් සීමා කිරීමට අද (29) රැස්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදි.
ඒ අනුව නොවැම්බර් 3 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
2020 සඳහා වන විසර්ජන කෙටුම්පත නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය කෙරිණි.

