(නිමන්ති රණසිංහ)
කොරෝනා අසාදිතයකු පැමිණිම හේතුවෙන් පානදුර අධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව නවත්වා ඇතැයි අධිකරණ ආරංචිමාර්ග කියයි.
ඉකුත් 16 වැනිදා නඩත්තු නඩුවක් සඳහා අධිකරණයට පැමිණ ඇති මෙම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙහි ව්‍යාපාරිකයෙකි.
ඔහු එදින තවත් තිදෙනකු සමඟ පැමිණ අධිකරණ භූමියේ සිට නීතිඥවරු හමුවී නීතිඥ කාමරවලට ද ගොස් ඇතැයි එම ආරංචිමාර්ග අනාවරණය කරයි.
මෙම ආසාදිත පුද්ගලයා සමඟ පැමිණි සෙස තිදෙනාද අසාදිත තත්වයේ පසුවන බවට තොරතුරු ලැබී ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

