ප්‍රංශය කොරෝනා මරණ 1000 ඉක්මවයි



ප්‍රංශයෙන් මේ වනවිට කොරෝනා මරණ 1 000 කට වඩා වාර්තා වන අතර ලෝකයේ කොරෝනා මරණ දහසේ සීමාව පසුකළ පස්වන රට බවට පත්ව ඇත.
 
චීනය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ඉරානය මීට පෙර මෙම සීමාව පසු කළේය.
 
ඊයේ(24) දිනයේ පමණක් ප්‍රංශයේ නව මරණ 240ක් වාර්තා කර තිබේ.
 
ප්‍රංශ බලධාරීන් පවසන්නේ වාර්තා වන ආසාදිත රෝගීන් සංඛ්‍යාව 22 300 දක්වා ඉහල ගොස් ඇති බවයි.
මෙම සංඛ්‍යාව පසුගිය පැය 24තුළ 12%කින් ඉහල ගොස් තිබේ.
 
ප්‍රංශය පසුගිය සතියේ සිට දින 15ක කාලයක් සඳහා මුළු රටම "ලොක් ඩවුන්" හෙවත් සම්පූර්ණයෙන්ම වසා දැමීමේ තත්ත්වයට පත්කර ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)