පස්සර බ්‍රානිවත්තේ ආසාදිතයින් 41ක්


(ප්‍රසාද් රුක්මල් )

පස්සර පාලාගොල්ල ග්‍රාම සේවා වසමේ බ්‍රානිවත්තේ කෝවිඩ් 19 ආසාදිතයින්  41ක් හමුවීමත් සමඟ පවුල් 92ක සාමාජිකයින් 350ක් අද (18) සිය නිවෙස් වල ස්වයං නිරෝධනයට යොමු කල බව සෞඛ්‍ය අංශ පවසයි .

කෝවිඩ් ආසාදිත පිරිස අතර කුඩා දරුවන් ,කාන්තාවන් ,පිරිමින් සිටින බවත් ,ඔවුන් බදුල්ල ,බිදුණුවැව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකක වලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබෙන බවද සෞඛ්‍ය බළධාරීන් පැවසූහ .

දැනට පස්සර බ්‍රානිවත්තේ නිවාස 81ක පවුල් 92ක් මෙසේ සිය නිවෙස් වල ස්වයං නිරෝධනයට ලක් කර සිටින බවත් , අද (18) දින ඔවුන්ගෙන් 108 දෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කල බවද සෞඛ්‍ය අංශ සදහන් කළේය .

සෙසු පිරිසගේ පීසීආර් පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කරන බවත් , මීට පෙර සිදු කළ පීසීආර් පරීක්ෂණ 73කින් පසුව මෙම කෝවිඩ් 19 ආසාදිතයන් 41 දෙනා හදුනාගත් බවද සෞඛ්‍ය බළධාරීන් වැඩිදුරටත් සදහන් කර සිටියහ .