
(හේමලතා ඩී හේවගේ)
පන්නල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව පුද්ගලයන් පස්දෙනෙකු ආසාදිතයන් ලෙස තහවුරුවීමත් සමග ඔවුන් පදිංචි ග්‍රාමසේවා වසම් 06 ක් සහ කුඩා ප්‍රදේශ 05 ක් අද (03) සවස හුදකලා කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.
ඉහළ ගලයාය, පහළ ගලයාය, මූකලාන, කොහොඹපොල, බඩබැද්ද සහ පන්නල යන ග්‍රාමසේවා වසම් හා නාලවලාන, මැදිරිවිල, පනවලකුඹුර, මල්ගමුව සහ මාහරගම යන ආශ්‍රිතයන් ගැවසුන කුඩා ප්‍රදේශ 05 ක්ද මෙසේ හුදකලා කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී සාමා හේරත් මහත්මිය පැවසුවාය.
වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත පන්නල කොට්ඨාශයේ කොරෝනා වයිරසය පැතිරීයාම වැලැක්වීම සඳහා මෙසේ සිදුකළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය පැවසුවාය.

