(විනීතා එම් ගමගේ)
විදෙස් තැපැල් සේවාව තෝරාගත් ගමනාන්තයන් කිහිපයක් සඳහා පමණක් අද (15) සිට යළි ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවැසීය.
ඒ අනුව හොංකොං, චීනය, ඕස්ටේරලියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංප්පූරුව, කටාර් ජර්මනිය සහ ඉන්දියාව සඳහා විදෙස් තැපැල් සේවාව ක‍්‍රියාත්මක වන බව ද ආරියරත්න මහතා කීය.
එකී ගමනාන්තයන්ට ගුවන් මගින් හා මුහුදු මගින් තැපැල් භාණ්ඩ හා ලිපි ගෙන යාම ආරම්භ වූ අතර ඉදිරියේ දී ක‍්‍රමානුකූලව අනෙක් රටවල් සඳහා ද ලිපි හා තැපැල් භාණ්ඩ ගෙනයාම ආරම්භ කරන බව ද තැපැල්පතිවරයා කියා සිටියේය.
කොවිඩ් - 19 වසංගතයේ පැතිරයාමත් සමඟ ගුවන් ගමන් නතර වීම නිසා නතර කර දමනු ලැබූ විදෙස් තැපැල් සේවාව මෙසේ අද සිට ආරම්භ කර තිබේ.

