(ඩී කේ.රත්න)
ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් පවත්වාගෙන යනු ලබන ජාතික කොවිඩ් 19 අරමුදල සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 94 ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
එම අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන නිළධාරීන් ඇතුළු සමස්ත සේවකයින් විසින් පරිත්‍යාග කෙරුණු දිනක වැටුප වූ මෙම මුදලට අදාළ චෙක්පත ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය හා ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පියදාස රත්නායක මහතා විසින් අද ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ රාජා කොල්ලුරේ මහතා වෙත එම කාර්යාලයේදී භාරදෙනු ලැබීය.
ඌව පළාත් ආණ්ඩුකාරවර සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේකෝන් මහතාද එම අවස්ථාවට එක්විය.

