
(ජේ.කේ.එල් චාමින්ද)
ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
මෙම නිලධාරියා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙකී නිලධාරියා පළමුපෙළ ආශ්‍රිතයකු බව හඳුනාගෙන තිබේ. බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී.සී. ආර්. පරීක්ෂණ සඳහා සාම්පල් ලබාගෙන තිබූ අතර එහි ප්‍රතිඵල අනුව ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබූ බව ඒ මහතා පවසයි.
ආසාදිත නිලධාරියා හම්බන්තොට රෝහලට පිටත්කර යැවීමට කටයුතු කළ බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ තවත් 05 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

