ජනතාවට සහන සළසන්න අකුරැස්ස ප්‍රා.සභාවට ලක්ෂ 10 ක්


(සුමතිපාල දීයගහගේ )

කොරෝනා වයිරසය  නිසා අපහසුවට පත්ව සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින්  රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදී ඇතැයි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුනිදාස ගමගේ මහතා පවසයි.
 
මෙම මුදල් යොදවා අකුරැස්ස නගරය, පොලිසිය, බැංකු, තැපැල් කාර්යාල, වැඩිහිටි නිවාස ඇතුලු සියලුම පොදු ස්ථාන විෂබීජහරණය කිරිමේ කටයුතු සිදු කරන බවද ඒ මහතා
පැවසීය.

මෙතෙක් කල් ප්‍රාදේශීය සභාවට අයත් භූමියක පිහිටි පොදු ළිදකින් ලබා ගත් ජලය ජනතාවට බෙදා දුන් නමුත් ඊයේ (29) සිට එම ළිද සිදී යෑම නිසා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ලබා ගන්නා ජලය බවුසර් මගින් බෙදාහැරීමට
එම සභාව පියවර ගෙන ඇත.
 
පීඩාවට පත්ව සිටින ජනතාවට අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතිය විසින් සහන ක්‍රමයට ආහාර ද්‍රව්‍ය ලබාදිමේ කටයුතු සිදු කරන බවද මුනිදාස ගමගේ මහතා වැඩි දුරටත්
පැවසීය.