ජනතාවට සහන සලසන්න වෙන්නප්පුව ප්‍රා.සභාවෙන් ලක්ෂ 125 ක්


(රවින්ද්‍ර ලියනගේ)

වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා සභාවේ පොදු අරමුදලින් රුපියල් ලක්ෂ 125 ක මුදලක් වැය කිරීමට කටයුතු කරන බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා පැවසීය.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය අනුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ සඳහා ලිඛිත අනුමැතිය වයඹ ආණ්ඩුකාර ඒ.එම්.මුසම්මිල් මහතාගෙන් ලබා ගෙන  ඇත.

ප්‍රාදේශීය සභා බල  ප්‍රදේශයේ පිහිටි  ග්‍රාම නිලධාරී වසම් 99 ක පදිංචි අසරණ පවුල් සඳහා සහල්, පරිප්පු , සිනි, ටින් මාලු ඇතුලු ආහාර මල්ලක් ලබාදීමට වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරන බව   වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කීය.