
(මංගල එදිරිසිංහ)
මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වෙනිවැල්පිටිය ග්‍රාමයේ කාන්තාවකට කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පී වමින්ද කුමාර මහතා පවසයි.
අදාල කාන්තාව කටුනායක ආයෝජන කලාපයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවයේ නිරතවන්නියකි.
මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පසුගිය සිකුරාදා (16) මෙම කාන්තාවට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබී ඇත.
ඒ අනුව අදාල කාන්තාවට කොරෝනා ආසාධනය වී ඇති බවට නිල වශයෙන් තහවුරු වූ බවත් ඇයව ප්‍රතිකාර ගත කිරීම සදහා අද උදෑසනම (19) රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ බවත් ඇයගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ඇය සමීපව කටයුතු කළ මිල්ලනිය ප්‍රෙද්ශයේ නිවාස හතක පුද්ගලයින් නිරෝධායනය කිරීමට කටයුතු කළ බවත් මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

