(සුමතිපාල දීයගහගේ)
කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට සහ කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා මුලටියන ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 50 ක මුදලක් වෙන්කර ඇතැයි මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා පවසයි.
මීට අමතරව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා විසින් තවත් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදි ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මෙම මුදල්වලින් සහන මිලට ජනතාවට වියළි ආහාර ද්‍රව්‍යමල්ලක් බැගින් ලබා දෙන බවත් එම බඩු මල්ල සහන මිලට දීමේදී ලැබෙන ලාභ මුදල් වලින් ප්‍රදේශයේ අසරණ පවුල්වලට නොමිලේ වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් බැගින් ලබා දෙන බවත් ඇල්ලදෙණිය මහතා පැවසිය.
මේ අතර පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයෙන් නොමිලේ ලබා ගන්නා ජලය ප්‍රාදේශීය සභාවේ ටැක්ටර් මගින් බෙදාහැරිමටද පියවර ගෙන තිබේ.
මුලටියන, දෙයියන්දර, මාකදුර යන නගර ඇතුලු සියලුම පොදුස්ථාන විෂබීජහරණය කිරිම නොකඩවා සිදු කිරිමටද කටයුතුයොදා ඇත.
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ග්‍රාම නිලධාරී වසම් 48 තුල වගා කිරිම සඳහා බිම් සකස් කර ප්‍රාදේශීය සභාවට පෙන්වන අයට පමණක් නොමිලේ පෝර ලබා දෙන බවත් සුනිල් ඇල්ලදෙණිය මහතා පැවසීය.