කොරෝනා ආසාදිතයින් 925 දක්වා ඉහළට


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 925 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 9 දෙනෙකු වාර්තා වී ඇත.

අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 10 කි

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 471 ක් වේ. 

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 445 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.