කුලියාපිටියේ දේවමෙහෙයට සහභාගී වූ තවත් 14 කට කොරෝනා


(දිනේෂ් උපේන්ද්‍ර)

සංචරන සීමා පවා පනවා තිබියදී කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ බව කියන පිරිසකගේ පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵලවලට අනුව ඊට සහභාගී වූ තවත් 14 කට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

ඊයේ (19) පස්වරුවේ පැමිණ ඇති එම පරීක්‍ෂණ වාර්තාවේ 14 ක් ආසාදිතයින් වීමත් සමගින් කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයේ මුලු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.