
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
කෑගල්ල දිස්ත්‍රික්කයේ නවාතැන් සපයන සියලුම ස්ථාන වසා දැමීමටත් සංචරණ සීමා දැඩි කිරීමටත් දිස්ත්‍රික් කොව්ඩ් මර්දන කමිටුව තීරණය කරනු ලැබීය.
මෙම කමිටුව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී රැස්විය.
සබරගමු පළාතේ කොව්ඩ් ආසාදිතයින් 115 දෙදෙනෙකු 31 වනදා වන විට වාර්තා විය .කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 66 මේ වන විට වාර්තාවන අතර නිරෝධායනයට ලක්ව ඇති මුළු පිරිස 2707 කි.
නිරෝධායනයට ලක්වූ පිරිස අතර වෛද්‍යවරු 8 ක්ද සිටියි. රත්නපුර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වේ.පුද්ගලයින් 2500 ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග වෙද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය .
කෑගල්ල දිස්ත්‍රික්කයට ඇතුල්වීම හා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වෙනත් දිස්ත්‍රික්කයකට පිවිසීම දැඩි සංචරණ සීමාවන්ට යටත්ව සිදුකිරීමටද මෙම කමිටුව තීරණය කරනු ලැබීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළු නවාතැන් පොළවල් වසා දැමීමටද මෙම කමිටුව මඟින් පියවර ගනු ලැබීය.
රඹුක්කන සහ උඳුගොඩ රෝහල් කොවිඩ් රෝගීන් සඳහා මේ වන විට වෙන් කර ඇති අතර වරකාපොළ රෝහල ද සූදානම් කරමින් පවතින බව මෙහි දී අනාවරණය විය .

