
කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (25) මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2971 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි.
ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 12 දෙනෙකුට මෙලෙස කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (25) වනවිට පුද්ගලයින් 2,816 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් රෝගීන් 143 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මේ වන විට කොවිඩ් -19 වයිරසය ආසාදනය වීමෙන් 12 දෙනෙකු මිය ගොස් ඇත.


