
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස්බල ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් සතියට දින 2ක් විවෘතව තැබීමට අවසර ලබා දී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, නියමිත දින දෙක තුළදී උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා වෙළඳසැල් හා ඔසුසල් විවෘතව තැබෙනු ඇත.
ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ, කොළඹ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාළ දින පහත පරිදි වේ.


