
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෙට (02) සිට නැවත දැනුම්දෙන තුරු මහජනතාවගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී දිනවල පෙ.ව.8.00 සිට ප.ව. 4.30 දක්වා පහත නිවේදනයේ දැක්වෙන දුරකතන අංක හෝ විද්‍යුත් ලිපින ඔස්සේ අදාළ අංශ හා සම්බන්ධ වී උපදෙස් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව මහජනයාට දැනුම් දෙයි.


