(මහේෂ් කිර්තිරත්න)
කොරෝනා වයිරසය හේතුවෙන් ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව සිටින පවුල් වෙත සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 26 ක මුදලක් වෙන් කිරීමට කටයුතු කළ බව උකුවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති චේතිය දිසානායක මහතා පැවසිය.
ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සමඟ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගත් බව සභාපතිවරයා කීය.
ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරයෙකුට ලබා දි තිබූ මුදල් වලින් රුපියල් ලක්ෂ 26 ක මුදලක් මෙම සහන සේවා කටයුතු සඳහා නිදහස් කිරිමට මන්ත්‍රීවරුන් 26 දෙනාගේම අනුමතිය ලැබුණ බවත් සභාපතිවරයා පැවසීය.
ප්‍රදේශය තුළ මේ වන විට ආර්ථික අසීරුතාවන්ට මුහුණ දී සිටින පවුල් ඒ ඒ වසම් වල සිටින ග්‍රාම නිලධාරින් මගින් හඳුනා ගෙන එම පවුල් වෙත අත්‍යවශ්‍ය වියළි ආහාර සලාක සහ පාලිය ජල පහසුකම් ලබා දීමට තීරණය කළ බවත් ඒ මහතා කීය.