අද දිනයට කොරෝනා ආසාදියන් 409 ක්


 

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (03) පස්වරු 10.00 වනවිට එක් වූ ආසාදිතයන් 137 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 409 ක් දක්වා ඉහළ ගියේය.

අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 137 අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 05 දෙනෙක් සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ 132 ක් වෙති.

මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 8129 ක් වූ අතර, අද රාත්‍රියේදී හඳුනාගත් පිරිසත් සමඟ එය 8266 දක්වා ඉහළ ගොස් ඇත.