( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තමන්ට ඇප ලබා දුන් කොළඹ ප්‍රධාන මහේසත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කර , තමන් යළි රිමාන්ඞ් බාරයට පත් කරමින් ඉකුත් මැයි 13 වැනිදා කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර කර ගන්වාද නැද්ද සම්බන්ධයෙන් ඒ මහතාගෙන් උපදෙස් ලබා ගැනිමට අභියාචනාධිකරණය අද (11) පෙත්සම්කාර නිතිඥවරයාට කල් ලබා දුන්නේය.
එම ප්‍රතිශෝධන පෙත්සම අද (11) අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා කල ඉල්ලිම සලකා බැලිමෙන් පසු මෙසේ නියෝග කෙරිණි.
සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන කිඹුලන් ගහන වැවකට දැමූ බවට ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ගෙන සිටි තමන්ට ඇප ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කරමින් තමන් යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට ඉකුත් 13 වැනිදා මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බවත් , එම තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ තිබිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී තිබූ වරෙන්තුවක් මත තමන්ව රහස් පොලිසිය විසින් ඉකුත් දෙසැම්බර් මාසයේදී සැකපිට අඩංගුවට ගනු ලැබූ බවත්, ඒ සම්බන්ධයෙන් ඇප අයැදුමක් තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කල අතර ඒ අනුව තමන්ට ඇප ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් මස 30දින නියෝගයක් දුන් බව පෙත්සමකරු සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.
ඇප පනත වැරදි ලෙස අර්ථ දක්වා මෙම මහාධිකරණ නියෝගය දී ඇති බවත් ,එබැවින් තමන්ට ඇප ලබා දීම අවලංගු කරමින් ලබා දුන් එම මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා සිටී.
නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් තීන්දුව ප්‍රකාශ කර ඇති බැවින් පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුවරයා නිකුත් කළ ඇප අවලංගු කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස රාජිත සේනාරත්න මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.
පෙත්සම්කාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද , නීතිපති වෙනුවෙන් නියෝජ්්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද පෙනී සිටියහ.

