( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2018 ඔක්තෝබර් 26 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම් අභියෝගයට ලක් කරමින් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනා ගොනු කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම තනතුරුවලට කටයුතු කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ සිද්ධියට අදාළ එම පෙත්සම අද(12) අභියාචනාධිකරණය විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැදවිණී.
එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් මෙම පෙත්සම තවදුරටත් පවත්වා ගෙන යාමට අවශ්‍ය නොවන හෙයින් එය ඉල්ලා අස්කර ගන්නා බව විනිසුරු මඩුල්ල හමුවේ දන්වා සිටියේය.ඊට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේය.
එහිදී මෙම පෙත්සම ගොනු කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නම් කර තිබිණි.

