ෆැෂන් බග් ඇඟලුම් අලෙවි විශිෂ්ටත්වයට People’s Pinnacle Awards 2025 සම්මානයක්



ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන ෆැෂන් බග් පසුගියදා පැවැති People’s Pinnacle Awards 2025 සම්මාන උළෙලේදී ඇඟලුම් අලෙවි සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන People’s Pinnacle Retail Textile Service Excellence Award  2025 සම්මානය දිනාගත්තේය. People’s Pinnacle Awards  සම්මාන උළෙල කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැති අතර, ෆැෂන් බග් ආයතනය ඇතුළු ලාංකීය විශිෂ්ට සමාගම් 300 කට අධික සංඛ්‍යාවක් එහිදී ගෞරව සම්මානයට පාත්‍රවිය.

ඇඟලුම් අලෙවි සේවා විශිෂටත්වය වෙනුවෙන් පිරිනැමෙන People’s Pinnacle Retail Textile Service Excellence Award  2025 සම්මානය මෙවර ෆැෂන් බග් විසින් දිනාගැනීමට සමත්වන්නේ දශක 3 කට වැඩි කාලයක් තිස්සේ පාරිභෝගිකයාට මුල් තැන ලබාදුන් ෆැෂන් බග් විලාසිතා මෙහෙවරේ විශිෂ්ටත්වය ලාංකිකයන් ඉදිරියේ සනාථ කරමිනි.

ෆැෂන් බග් ආයතනය විසින් දිනාගත්  People’s Pinnacle Retail Textile Service Excellence Award 2025 සම්මානය පිළිබඳ අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සූබියන් මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘‘අපට ලැබුණ මෙම සම්මානයේ සැබෑ හිමිකරුවන් වන්නේ වසර 30 කට වැඩි කාලයක් අප කෙරෙහි විශ්වාසය තබා රැඳී සිටින පාරිභෝගිකයන් වගේම ඒ පාරිභෝගිකයන් අප ආයතනය සමග රඳවා තබා ගන්න උසස් මට්ටමේ පාරිභෝගික සේවාවක් ලබාදෙන අපේ කාර්ය මණ්ඩලයයි. මේ දෙපිරිසම ෆැෂන් බග් දිනෙන් දින සාර්ථකත්වය දෙසට රැගෙන යනවා.’’