හෝම් ලෑන්ඩ්ස් නිවාස මිලදී ගැනීමට කොමර්ෂල් බැංකුවෙන් සියයට 100 ක් දක්වා මූල්‍ය පහසුකම්


ශ්‍රී ලංකාවේ නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලාංකිකයන්ගේ නිවසක් අත්කර ගැනීමේ සිහින සැබෑ කිරීමට හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (පුද්ගලික) සමාගම සමග අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරමින් එම සමාගම ඉදි කරන ලද නිවාස සංකීර්ණ ඒකක සහ තනි නිවාස සඳහා පහසු ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත. මෙම ගිවිසුම හරහා කොමර්ෂල් බැංකුව විසින් හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් විසින් අලෙවි කරන දේපලවලට මිලදී ගැනීමේ මිලෙන් සියයට 100 ක් දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දෙන අතර ත්‍රෛපාර්ශවික ගිවිසුම් හරහා ගැනුම්කරුවන්ට ආරක්ෂාව සහ පහසුව සහතික කරයි.

කොමර්ෂල් බැංකුව වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන්ට නිවාස ණය ක්ෂේත්‍රයේ සේවය කරමින් පුළුල් පරාසයක විහිදුනු නම්‍යශීලී ආපසු ගෙවීම් ක්‍රම, තරගකාරී පොලී අනුපාත සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සේවා ප්‍රමිතිවලින් තම සේවාවන් ශක්තිමත් කර ඇත.