හෝම් ලෑන්ඩ්ස් Central Park Boulevard Port City Colombo නිල වශයෙන් අද එළිදකී


ඡායාරූපය ප්‍රදීප් පතිරණ


භානුක අමරසිංහ


හෝම් ලෑන්ඩ්ස් (Home Lands) සමූහය කොළඹ වරාය නගරයේ සිදු කරන දැවැන්තම දේපළ වෙළෙඳාම් සංවර්ධන ව්‍යාපෘතිය වන Central Park Boulevard Port City නිල වශයෙන් එළි දැක්වීම අද (12) කොළඹ Cinnamon Life at City of Dreams හිදී සිදු කිරීමට සූදානමින් සිටියි. 
මෙය මෙරට දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ඉතිහාසයේ දැවැන්තම සන්නාම දියත් කිරීමේ උළෙලක් ලෙස සැලසුම් කර ඇති අතර, සති අන්තය පුරා සිදු කරන උත්සව මාලාවක් ලෙස සංවිධානය කෙරෙන මෙය “The Grand Launch Weekend” ලෙස නම් කර තිබෙන බව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරිණි. 
ඒ අනුව මෙම සුවිශේෂී සති අන්තය අද (සිකුරාදා) දින පැවැත්වෙන “The Night of Emeralds” සමාරම්භක උත්සවයෙන් ආරම්භ වන අතර, එහිදී Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතිය නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය.
අති උත්කර්ෂවත් මෙම සමාරම්භක රාත්‍රිය සඳහා මෙරට සහ විදේශයන්හි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන්, කලාකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ද ඇතුළු සුවිශේෂී ආරාධිතයන් රැසක් සමගින් සුප්‍රකට බොලිවුඩ් තරු ද සහභාගී වීමට නියමිතය.
ජූනි 13 සෙනසුරාදා දින උදෑසන, සන්ධ්‍යා සහ රාත්‍රී භෝජන සංග්‍රහයන්ගෙන් සමන්විත විශේෂ හමුවීම් මාලාවකින් ද, ජූනි 14 ඉරිදා දින The Boulevard Evening විශේෂ රාත්‍රියෙන් ද මෙම උත්කර්ෂවත් උත්සව මාලාව සමන්විත වේ.
මෙම එළිදැක්වීමේ සති අන්තයෙන් පසුව, ජූනි 15 වැනි සඳුදා දින Central Park Boulevard Port City Colombo නිල තොරතුරු සහ අලෙවි මධ්‍යස්ථානය මහජනතාව සඳහා විවෘත කරනු ඇත.
මෙම Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතිය ජාත්‍යන්තර තලයේ අතිසුඛෝපභෝගී පහසුකම් සහ ඉහළ වටිනාකම් රැසකින් සමන්විත වේ. කොළඹ වරාය නගරයේ Park District කලාපයේ පිහිටි තට්ටු 37කින් යුත් මෙම ද්විත්ව කුලු‍නු නිවාස සංකීර්ණය කොළඹ වරාය නගරයේ වඩාත්ම සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නිසැකය.
අක්කර 40කට ආසන්න සශ්‍රීක හරිත උද්‍යානයකට සහ මනරම් ජල තීරුවකට මුහුණලා පිහිටි මෙහි සිට ඉන්දියන් සාගරයේ සුන්දරත්වය සේම සැඳෑ හිරු බැස යන දර්ශනයේ චමත්කාරය අත්විඳින්නට අවස්ථාව හිමි වේ. මෙම ව්‍යාපෘතිය නවීන ජීවන රටාවට ගැලපෙන පරිදි ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද නිවාස 640කට අධික එකතුවකින් සමන්විත වේ. දැනටමත් මෙම නිවාස ඒකක අතරින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් අලෙවි වී තිබෙන බවත් හෝම් ලෑන්ඩ්ස් සමූහය පවසයි. 
මෙම සුවිශේෂී ද්විත්ව කුලු‍නු ව්‍යාපෘතිය හරහා විශාල වශයෙන් විදේශ විනිමය මෙරටට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිත අතර, එහි සමස්ත ව්‍යාපෘති වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙහිදී Home Lands සමූහය විසින් සිදු කරනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජනය, ශ්‍රී ලාංකික තනි දේපළ වෙළෙඳාම් සංවර්ධකයකු විසින් මෙරට සිදු කළ විශාලතම ආයෝජනය ලෙස සනිටුහන්ව තිබේ.