කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් එහි ගනුදෙනු කිරීම ඊයේ (18) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එම හුවමාරුව පවසයි.
අදාළ සමාගම 2025 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවේ සඳහන් වූ ස්වාධීන විගණන වාර්තාවට අනුව ලබාදුන් විගණන උපදෙස් නොසලකා හැරීම මේ තීරණය සඳහා හේතුව බව එම හුවමාරුව පවසයි. ඒ අනුව ලැයිස්තුගත වීමේ රීති 7.5 (d) (i) යටතේ මෙම තීරණය ගෙන තිබේ.

