නිමල කොඩිතුවක්කු
හම්බන්තොට මහ නගර සභා සීමාවේ කෑලියපුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඉඩම් කොටසක් කර්මාන්ත, බහාලුම් හා ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බදු පදනම මත බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තියෙහි විධිවිධාන යටතේ දීමනා පත්‍රයක් මඟින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභා සීමාව තුළ පිහිටි කෑලියපුර ග්‍රාම නිලධාරී වසමේ හම්බන්තොට - ගොන්නෝරුව ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇති අක්කර 108 රූඩ් 03 පර්වස් 37.85 ක ඉඩම් කොටස දැනට ප්‍රශස්ත භාවිතයකට යොදා ගෙන නොමැත. එම ඉඩම් කොටස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති විසල් හම්බන්තොට සංවර්ධන සැලැස්මේ මධ්‍ය වාණිජ කලාපය තුළ පිහිටා තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් වඩා සුදුසු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් එකී ඉඩම් කොටසේ කර්මාන්ත, බහාලුම හා ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට නිර්දේශ කරනු ලැබ ඇත.
ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයන් වෙත අවුරුදු 50ක බදු පදනම මත එම ඉඩම් කොටස බැහැර කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවේ.

