සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් හඳුනාගැනීමට 2026 Nestleé Golden Chef’s Hat තරගාවලිය අරඹයි


 

  • ලංකා සූපවේදීන්ගේ සංසදය ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමග අත්වැල් බැඳ ගනියි

නෙස්ලේ ලංකා හි  B2B අංශය වන Nestleé Professional, 2026 Nestle Golden Chef’s Hat සහ 2026 Nestle Golden Chef’s Hat Junior තරගාවලි සංවිධානය කිරීම සඳහා ලංකා සූපවේදීන්ගේ සංසදය ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙන විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ ඉහළ යමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාව හඳුනා ගැනීම ඉහළ නැංවීම හා සංවර්ධනය කිරීම මෙම තරගාවලියේ අරමුණ වී ඇත. දීප ව්‍යාප්ත තරගාවලියෙන් මෙරට හෝටල් ක්ෂේත්‍රයේ හා තරුණ සූපවේදීන්ගේ ඉදිරි ගමනට ශක්තියක් වෙමින් Nestleé Professional  සිදු කරන කැපවීමද මේ තුළින් මනාව පිළිබිඹු වේ.

මෙහිදී ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් 2026 Nestleé Golden Chef’s Hat  තරගාවලියේ වෘත්තීය කාණ්ඩය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට නියමිතය. ඒ යටතේ දිවයින පුරා කලාප 8ක තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කලාපීය තරඟ වටයන්හිදී වෘත්තීය සූපවේදීන්ට ඔවුන්ගේ සූප ශාස්ත්‍ර හැකියාව ප්‍රදර්ශනය කිරීමට මෙන්ම එම හැකියාව තව දුරටත් වර්ධනය කර ගැනීමටද අවස්ථාව උදා වනු ඇත.

මීට සමගාමීව ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සහ ලංකා සූපවේදීන්ගේ සංගමය සමග එක්ව සූප ශාස්ත්‍රය පිළිබඳ හදාරන සිසු සිසුවියන්ගේ හැකියාව හා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින්  2026 Junior Nestleé Golden Chef’s Hat තරගාවලියද සංවිධානය කිරීමටද Nestleé Professional  කටයුතු යොදා ඇත.  දිවයින පුරා පිහිටි ප්‍රමුඛ හෝටල් පාසල්හිදී මෙම තරගාවලියේ කලාපීය තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ ලංකාවේ පමණක් නොව ලෝකය පුරා සිය හැකියාවෙන් සූපවේදී විශිෂ්ටයන් බවට පත්වීමට බලාපොරොත්තු වන තරුණ සූපවේදී සිසු සිසුවියන්ට ඒ සඳහා කදිම වේදිකාවක් නිර්මාණය කරමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙස්ලේ ලංකාහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆන් මහතා මෙසේ පැවසීය. වසර 120කට වැඩි කාලයක් තිස්සේ ගුණාත්මක ආහාර පාන තුළින් මෙරට ජනතාවගේ ජීවිත නගා සිටුවීමට අපි කටයුතු කර තිබෙනවා. එහි තවත් සුවිසල් පියවරක් ලෙස  ලංකාවේ ආහාර පාන ක්ෂේත්‍රය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා වන 2026  2026 Nestle Golden Chef’s Hat තරගාවලිය සඳහන් කළ හැකියි. ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණත්වය දැනුම සහ අවස්ථා සියල්ල එක් කරන 2026  2026 Nestle Golden Chef’s Hat සහ 2026 Nestle Golden Chef’s Hat Junior තරගාවලියෙන් වෘත්තීය සූපවේදීන්ට මෙන්ම සූපවේදය පිළිබඳව හදාරන සිසු සිසුවියන්ට තමන්ගේ හැකියාව ඔප්නංවා ගැනීමේ හැකියාව උදා වනවා. නෙස්ලේ සමාගමේ Nestleé Needs YOUth එය වැඩසටහනෙහි අරමුණු මනාව පිළිබිඹු කරන මෙම තරගාවලියෙන් වෘත්තීය දියුණුව හා ප්‍රජා දායකත්වය වෙනුවෙන් අවශ්‍ය හැකියාව හා ප්‍රායෝගික අත්දැකීම් හරහා තාරුණ්‍යය බල ගැන්වීමට  කටයුතු කර තිබෙනවා. මේ සඳහා අප සමඟ අත්වැල් බැඳගෙන සිටින හවුල්කරුවන් සමග එක්ව අඛණ්ඩව ඉදිරියට යමින් ලාංකේය විශිෂ්ටත්වය ලෝකයට ගෙන යන සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ උන්නතියට හේතුවන වැඩසටහන් සඳහා සහයෝගය ලබා දීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වනවා.” 

මෙහිදී අදහස් දැක්වූ Nestleé Professional  හි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ, සෞරබ් මඛීජා මහතා මෙසේ සඳහන් කළේය.   Nestleé Professional  ලෙස හෝටල් සත්කාරක කර්මාන්තයේ අනාගතය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය හැකියාවල උනන්දුව සහ අවස්ථාව ලබා දෙමින් සූපවේදීන් දිරිමත් කිරීමට අපි කටයුතු කර තිබෙනවා.  නවෝත්පාදනය හා විශිෂ්ටත්වය අගයමින් සූප ශාස්ත්‍ර හැකියාව ඉහළ නංවන කදිම අවස්ථාවක් ලෙස  2026 Golden Chef’s Hat තරගය පෙන්වා දිය හැකියි. ඒ තුළින් අඛණ්ඩව සිය විශිෂ්ට හැකියාව ප්‍රදර්ශනය කර ඇති මෙරට හෝටල් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තරුණ සූපවේදීන්ට අවශ්‍ය ශක්තිය දැනුම හා මඟ පෙන්වීම ලබා දීමට හැකිවී තිබෙනවා.”

Nestleé Professional Sri Lanka  හි සහකාර අධ්‍යක්ෂ මධුරංග පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය.  “ 2026 Nestleé Golden Chef’s Hat සහ Nestleé Golden Chef’s Hat Junior තරගය  ලංකාවේ සූප ශාස්ත්‍ර හා හෝටල් ක්ෂේත්‍රයේ අනාගතය සඳහා කදිම ආයෝජනයක් ලෙස සඳහන් කළ හැකියි. ලංකා සූපවේදීන්ගේ සංසදය සහ ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමය සමග සහයෝගයෙන් යුතුව වෘත්තීය සූපවේදීන් හා හෝටල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ප්‍රායෝගික මැදිහත්වීම ඉගෙනීම සහ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා විශ්වාසදායී අවස්ථාවක් සලසාදීම වෙනුවෙන් මෙම තරග සංවිධානය කර තිබෙනවා. නිරන්තරයෙන් සූපවේදීන්ගේ අනාගතය වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන හරහා ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සහ හෝටල් අංශයේ සාර්ථකත්වය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා.” 

ලංකා සූපවේදීන්ගේ සංගමයේ සභාපති සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ මෙම 2026 Golden Chef’s Hat  තරගාවලිය හරහා Nestleé Professional සමග සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තම සංගමය බලාපොරොත්තු වන බවයි. එසේම මෙම තරගය තරුණ සූපවේදීන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට මෙන්ම හෝටල් ක්ෂේත්‍රයේ සාර්ථකත්වය වෙනුවෙන් විශ්වාසනීය ජාතික වේදිකාවක් නිර්මාණය කිරීමට අවස්ථාවක් වන බවද ඒ මහතා සඳහන් කළේය.