ශ්‍රී ලන්කන් ලොකු ගමනක් යයි


මෙරට ගුවන් සේවා ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මැයි මස 01 දා සිට  ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා එකමුතුව වන ‘වන් වර්ල්ඩ්‘  හා එක්ව කටයුතු කිරීමේ මෙහෙයුම් අරඹනු ඇත.

ඉන්දියානු උප මහාද්වීපයේ ගුවන් සේවාවක් ලෝක ගුවන් සේවා සමූහයක සාමාජිකත්වය ලබාගත් පළමු අවස්ථාව මෙය වේ.

මැයි මස පළමුවැනිදා සිට  ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘වන් වර්ල්ඩ්‘ පූර්ණ සාමාජිකත්වයට අවතීර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන  සමාරම්භක උත්සවය දෙස් විදෙස් ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අප්‍රීයෙල්  30 දා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවැත්වීමට නියමිතය.

එදින සිට  ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට වන්වර්ල්ඩ් වෙළෙඳ නාමය එක්වීමත් සමග  ලෝක ගුවන්සේවා ජාලයෙහි ප්‍රථීලාභ ලැබීම ආරම්භ වන අතර ඉන් අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක්ද ලැබෙන බව පැවසේ.