
ශ්රී ලංකාව තුළ Yamaha යතුරුපැදිවල නිල බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW), ශ්රී ලංකාවේ ප්රථම හයිබ්රිඩ් යතුරුපැදිය වන Yamaha FZ-S Fi Hybrid යතුරුපැදිය, කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ දී හඳුන්වා දුන්නේය. මෙය මෙරට යතුරුපැදි කර්මාන්තයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර නවීන යතුරුපැදි ධාවකයන් සඳහා සුදුසු කාර්යක්ෂම ගමනාගමන විසඳුම් සැපයීමට කැප වූ ප්රමුඛයකු ලෙස Yamaha හි ස්ථාවරය තහවුරු කරයි.
මෙම හඳුන්වාදීම ශ්රී ලංකාවේ යතුරුපැදි වෙළෙඳපොළේ සම්පූර්ණයෙන්ම නව පෙරළියක් ඇති කරයි. Yamaha Motor හි ගෝලීය
පර් යේෂණ හා ඉංජිනේරු පළපුරුද්දෙන් සංවර්ධනය කළ හයිබ්රිඩ් සහය පද්ධති (hybrid assist) තාක්ෂණය භාවිත කරමින් Yamaha FZ-S Fi Hybrid, වැඩි කාර්යක්ෂමතාව, ප්රතිචාරශීලීත්වය සහ බුද්ධිමත් ශක්ති භාවිතයෙන් දෛනික ගමනාගමනය පහසු කරයි. විශේෂයෙන් නාගරික ධාවන තත්වයන් හි දී, මෘදු වේග වර්ධනය සහ ප්රශස්ත ශක්ති ලබා දීම සඳහා සහය වෙමින්, ඉන්ධන මිල ඉහළ යාම සහ ආර්ථික ගමනාගමනය සඳහා ඇති වැඩිවන ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට හයිබ්රිඩ් සහය පද්ධතිය දායක වෙයි.
ශ්රී ලංකාවේ FZ සන්නාමයේ සාර්ථක උරුමය මත පදනම් වූ මෙම නව හයිබ්රිඩ් මාදිලිය, FZ පෙළ, තරුණ වෘත්තිකයන් හා ධාවකයන් අතර ආකර්ෂණීය පෙනුම හා ධාවන පහසුව අඛණ්ඩව පවත්වා ගනියි. මෙය සරල ගමනාගමන වාහනයක් ලෙස නොව, පරිසරය පිළිබඳ සංවේදී සහ තාක්ෂණ හිතකාමී පාරිභෝගිකයන්ගේ අවශ්යතා සපුරාලන උසස් ගමනාගමන විසඳුමක් ලෙස නිර්මාණය කර ඇත.
දිවයිනේ සෑම ප්රදේශයකින්ම පැමිණි ඒජන්තවරුන්, ආයතනයේ පාර්ශ්වකරුවන්, මාධ්ය සාමාජිකයන් මෙම එළිදැක්වීමේ උත්සවයට සහභාගී විය. මෙම Yamaha FZ-S Fi Hybrid යතුරුපැදිය හඳුන්වා දීම ඔස්සේ, ගෝලීය අත්දැකීම් ශ්රී ලංකා වෙළෙඳපොළට ලබා දීමට Yamaha හි ඇති ඉදිරි ස්ථාවරය හා කැපවීම තව දුරටත් තහවුරු කරයි.
AMW Yamaha හි කළමනාකාර අධ්යක්ෂ ජවහර් ගනේෂ් මහතා උත්සවය අමතමින් මෙසේ පැවසීය.
“ශ්රී ලංකාවේ Yamaha සඳහා අද වැදගත් සහ ගෞරවණීය දිනයක්. Yamaha FZ-S Fi Hybrid සමග අපි වෙළෙඳපෙළට ගෙන එන්නේ හුදෙක් යතුරුපැදියක් නොව වඩා බුද්ධිමත් සහ කාර්යක්ෂම ධාවන අත්දැකීමක්. ශ්රී ලංකාවේ ප්රථම හයිබ්රිඩ් මෝටර්සයිකලය වන මෙම මාදිලිය, නවෝත්පාදනය සහ තිරසාර ගමනාගමනය පිළිබඳ Yamaha හි දිගුකාලීන දැක්ම නිරූපණය කරයි. Yamaha සන්නාමය විශ්වාස කරන අපගේ බෙදාහරින්නන්ගේ ජාලය සහ විශ්වාසනීය පාරිභෝගිකයන් සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ගෝලීය තාක්ෂණය ශ්රී ලාංකික ධාවකයන් වෙත ලබා දීමට අප කැප වී සිටිනවා.”
Yamaha හි ඉංජිනේරු විශිෂ්ටත්වය සහ AMW ජාත්යන්තර කීර්ති නාමය මෙන්ම Yamaha හි දීප ව්යාප්ත අලෙවි හා සේවා ජාලයේ ශක්තිය, මෙම නව ප්රවර්ගය නවෝත්පාදනයට ඉහළ විශ්වසනීයත්වයක් ලබා දෙයි.

