ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් අබාන්ස් ජාලයේ සාමාජික සමාගමක් වන ක්ලීන්ටෙක්, සිය නවීනතම ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව වෙනුවෙන් GP සහතිකය ලබාගත් පළමු සමාගම බවට පත්වේ.
මෙම සහතිකය ලබාගැනීමෙන් ඔවුන් වඩා උසස් තත්වයේ විශ්වාසනීය හා නිසි ආකාරයට සකස්කළ ප්ලාස්ටික් සැපයුමක් අපේක්ෂා කරන දේශීය ප්‍රතිචක්‍රීකරණකරුවන්, FMCG සමාගම් සහ තිරසර බව මූලික කරගත් නිෂ්පාදකයන් සඳහා නව යුගයක් උදාකරනු ඇත.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා සහතික හා පුහුණුව පිරිනමන ප්‍රමුඛතම ආයතනය වන Indexpo ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත කුරුප්පුමුල්ලගේ මහතා විසින් 2026 ජනවාරි 7 වැනිදා කොළඹ ක්ලීන්ටෙක් සමාගමේ පැවති උත්සවයකදී ක්ලීන්ටෙක් ප්‍රධාන විධායක නිලධාරී රුකිත නානායක්කාර මහතාට මෙම සහතිකය ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට දකුණු ආසියානු සහයෝගිතා පරිසර වැඩසටහනේ ව්‍යාපෘති කළමනාකරණ විශේෂඥ විජේපාල සින්නතම්බි, ක්ලීන්ටෙක් හි පරිසරය හා තිරසරභාවය පිළිබඳ කළමනාකාර සෙව් පෙස්ටොන්ජි, GP සහතිකපත් ආයතනය වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ යන මහත්වරු සහභාගි වූහ.
Ind-Expo Certification විසින් ක්ලීන්ටෙක් සමාගමේ ක්‍රියාකාරකම් පිළිබඳව විස්තීරණ ඇගයීමක් සිදුකරමින් GP Certified විසින් නියම කළ ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑම, තත්ව පාලනය, සේවක ආරක්ෂාව සහ පාරිසරික අනුකූලතාව තක්සේරු කරන ලදී. එහිදී ක්ලීන්ටෙක් සමාගම FMCG ඇසුරුම් සඳහා සුදුසු ප්ලාස්ටික්වල කාර්ය සාධනය තහවුරු කරමින් GP සහතික කළ ප්‍රතිචක්‍රීකරණ නිෂ්පාදන සඳහා අවශ්‍ය නිර්ණායක සාර්ථකව සපුරා තිබේ.
මෙම ජයග්‍රහණය විසින් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තයේ දැවැන්ත වෙනස්කම් සඳහා මගපෙන්වන අතර ආනයනික ප්ලාස්ටික් මත යැපීම අවම කරගැනීම හරහා පාරිසරික ආර්ථිකය ශක්තිමත් කිරීමට පිටිවහලක් වනු ඇත. GP සහතිකය හිමිවීමත් සමග ක්ලීන්ටෙක් විසින් දැන් විශ්වසනීය ලෙස සනාථ කළ, පරික්ෂාවට ලක්කළ හැකි ආකාරයේ වගකීම් සහගත නිෂ්පාදන පෙලට්ස් ලබාදෙන අතර ජාත්‍යන්තර තිරසර ඉලක්ක වෙත ළඟාවීමට බලාපොරොත්තු වන FMCG ඇසුරුම් නිෂ්පාදකයන් සඳහා ආර්ථික වටිනාකම් එක්කරනු ඇත.
මෙම සංධිස්ථානයට ළඟාවීම පිළිබඳ අදහස් දැක්වූ ක්ලීන්ටෙක් හි සහකාර සාමාන්‍යාධිකාරී කසුන් තෙන්නකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකාවේ GP සහතිකය ලැබූ පළමු ප්‍රතිචක්‍රීකරණ සමාගම බවට පත්වීම අපට මහත් ගෞරවයක්. මේ ජයග්‍රහණය තුලින් පිරිසුදු නගර නිර්මාණය, දේශීය කර්මාන්ත සඳහා සහාය දැක්වීම හා තිරසර අනාගතයකට දායකත්වය දැක්වීම පිළිබඳව අපේ කැපවීම තහවුරු කරනු ඇත.”
ක්ලීන්ටෙක් සමාගම විසින් මෙම සහතිකය හිමිකරගැනීම ශ්‍රී ලංකාවේ තිරසර ඇසුරුම් හා වගකීම් සහිත නිෂ්පාදන දිශාවකට ගමන්කිරීම සනිටුහන් කරන විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ප්‍රතිචක්‍රීකරණකරුවන්ට, FMCG වෙළෙඳ නාමයන්ට හා ඇසුරුම් නිෂ්පාදකයන්ට සහයෝගය ලබාදීමෙන් පිරිසුදු අනාගතයක් සඳහා විශ්වාසනීය විසඳුමක් ළඟා කර ගැනීමට GP Certified ආයතනය කැපවී සිටී.

