ශ්‍රී ලංකාව සහ මොරොක්කෝව අතර නිදහස් වීසා ගිවිසුමක්



නිමල කොඩිතුවක්කු


රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බල පත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රාජධානිය අතර ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දෙරටෙහි පුරවැසියන්ට අදාළ රට වෙත අන්‍යෝන්‍ය පදනමින් ගමනාගමනයට පහසුකම් සැලසීමත්, අදාළ ක්‍රියාමාර්ග සරල කිරීම පිණිස දෙරට අතර මිත්‍රශීලී සබඳතා වැඩි දියුණු කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රාජධානිය අතර ගිවිසුමකට එළඹීම පිණිස 2018-08-07 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති නමුත්, මේ වන තෙක් අදාළ ගිවිසුමට අත්සන් තැබීමට හැකි වී නොමැත.

එබැවින්, දෙරටෙහිම රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන්ට දින 30 ක් නොඉක්මවන කාල සීමාවක් සඳහා තමන්ට අදාළ ජාත්‍යන්තර ඇතුළු වීමේ/ පිට වීමේ ස්ථාන හරහා වීසා නොමැතිව අනෙක් පාර්ශ්වයේ භුමි ප්‍රදේශය තුළට ඇතුළු වීමට, ඉන් පිට වීමට සහ ඒ හරහා වෙනත් රටකට ගමන් කිරීමට හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රාජධානිය අතර ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.