ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී අායතනයේ රාජ්‍ය අංශය වන APFASL, 9 වැනි BARA සම්මාන උළෙලේදී මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ආයතන 45ක් අැගයීමට ලක් කරයි


ශ්‍රී ලංකා වරලත් ගණාකාධිකාරී ආයතනයේ සභාපති ටිෂාන් සුබසිංහ, ශ්‍රී ලංකා වරලත් ගණාකාධිකාරී ආයතනයේ උප සභාපති අනෝජි ද සිල්වා, ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති වී. කනගසබාපති සහ ශ්‍රී ලංකා වරලත් ගණාකාධිකාරී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලක්මාලි ප්‍රියංගිකා යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

පිළිගැනීමේ කතාව පැවැත්වූ වී. කනගසබාපති මහතා රාජ්‍ය අංශයේ මූල්‍ය වෘත්තිකයන්ගේ කැපවීම අගය කළ අතර, මහජන විශ්වාසය සහ මූල්‍ය විනය ඉදිරියට ගෙන යාමේදී විනිවිද පෙනෙන වාර්තාකරණය හරහා ඉටු කරන තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය. මෙම වසරේ ජයග්‍රාහකයින්ට ප්‍රශංසා කළ සුබසිංහ මහතා, විශේෂයෙන් ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන සහ ආයතනික විශ්වාසය නැවත ගොඩනඟන අවස්ථාවක, රාජ්‍ය අංශයේ ශක්තිමත් පාලනය, වගවීම සහ සදාචාරාත්මක භාරකාරත්වයේ වැදගත්කම අවධාරණය කළේය.