නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අධික වේගය, අවධානයෙන් තොරව ධාවනය කිරීම සහ රියදුරන් මෙන්ම පදිකයන්ගේ ද නොසැලකිලිමත් කමින් සිදුවන මාර්ග අනතුරු සහ ජීවිත හානි ඉහළ යාම හේතුවෙන් ලංකාවේ මාර්ග ආරක්ෂාව, විශාල අවධානයක් යොමු කළ යුතු ජාතික මට්ටමේ ගැටලුවක් බවට පත්ව ඇත. මෙම තත්වයේ බරපතළකම සංඛ්‍යාලේඛන වාර්තා දෙස බැලීමේදී පැහැදිලි වේ. ශ්‍රී ලංකා පොලිසියේ දත්ත වාර්තා අනුව 2026 වසරේ පළමු මාස දෙක තුළ පමණක් මාර්ග අනතුරු 3,642 කට වඩා සිදු වී ඇත. එයින් අනතුරු 405 ක් මාරක රිය අනතුරු වන අතර, ඉන් පුද්ගල මරණ 422 ක් සිදු වී තිබේ.
2025 වසරේදී ලංකාවේ මාර්ග අනතුරුවලින් පුද්ගල ජීවිත හානි 2,732ක් සිදු වී ඇති අතර, ඉන් වැඩිම පිරිසක් පදිකයන් සහ යතුරුපැදිකරුවන් වේ. මෙම සංඛ්‍යා දත්ත 2024 වසරට සාපේක්ෂව යම් වැඩිවීමක් පෙන්නුම් කළද, පසුගිය වසර කිහිපය පුරා සිදු වූ ජීවිත හානිවල ඉහළ යාම හේතුවෙන් ඒ සඳහා තවදුරටත් විශාල ආර්ථික පිරිවැයක් දැරීමට ද සිදුව ඇත. මේ තත්වය හේතුවෙන් මාර්ග ආරක්ෂාව අත්‍යාවශ්‍ය ජාතික ප්‍රමුඛතාවක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), රන් FM සමග සහයෝගීතාව ඇතිවි2026 ජාතික මාර්ග ආරක්ෂක සතියට’ සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ග ආරක්ෂාව පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් බොරැල්ලේදී පසුගිය දා පැවැත්විය. වගකීම් සහිතව මාර්ග භාවිත කිරීමේ ඇති වැදගත්කම සහ අනතුරු වළක්වා ගැනීම පිළිබඳව රියදුරන් සහ පදිකයන් දැනුම්වත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.
බොරැල්ලේදී පැවැත්වුණු මෙම වැඩසටහන වසර පුරා දිගු කාලීනව ක්‍රියාත්මක වන පුළුල් ව්‍යාපෘතියේ එක් කොටසක් පමණක් වූ අතර එහිදී SLIC General විසින් පාර්ශවකරුවන්, ප්‍රජාව සහ මාර්ග භාවිතයට ගනු ලබන විවිධ ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳව දැනුම්වත් කිරීම් කරනු ලැබීය.

