ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් දෙවැනි General Insurance Pinnacle Achiever සම්මාන උළෙල ඉන්දුනීසියාවේදී


මූල්‍ය ශක්ති ශේණිගත කිරීම වෙනුවෙන් හිමි වන A+ මූල්‍ය ශක්ති (A + Fitch Rating) සම්මානය හිමි ශ්‍රී ලංකාවේ එකම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLICGL) සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලැබූ 2 වැනි General Insurance Pinnacle Achiever (GIPA) සම්මාන උළෙල ඉන්දුනීසියාවේදී පවත්වනු ලැබීය. එම සම්මාන උළෙලේදී  ලාංකික සාමාන්‍ය රක්ෂණ අලෙවි නිලධාරීන් 33 දෙනකු සහ ඉන්දුනීසියානු අලෙවි නිලධාරීන් 10 දෙනකු ඇගයීමට ලක් කරන ලදී.    
ඉන්දුනීසියාවේ J.B. බෝඩා සමාගම සමග සහයෝගීතාව ඇතිව පවත්වන ලද මෙම සම්මාන උළෙල හරහා තිරසර භාවිතයන්, පාරිභෝගික කේන්ද්‍රීයභාවය සහ වෘත්තීය මට්ටමේ භාවිතාවන් හඳුනා ගැනීම ඇතුළු ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ ඔස්සේ කරනු ලැබූ පුළුල් අලෙවි ධාරිතාවල විශිෂ්ටත්වය සමරනු ලැබිණි.
GIPA සම්මාන උළෙල යනු, ලොව ප්‍රථම වරට සාමාන්‍ය රක්ෂණ අලෙවි වෘත්තිකයන් පමණක් ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් නිර්මාණය වූ ඇගයුම් වේදිකාවයි. එය SLICGL සමාගම විසින් ආරම්භ කරනු ලැබූ අතර විදේශීය ජයග්‍රාහකයන් සමග GIPA සම්මාන උළෙල පැවැත්වීම හරහා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, ප්‍රගමනය සහ ගෝලීය සහයෝගීතාව පවත්වා ගැනීමට SLICGL විසින් දක්වනු ලබන දිගුකාලීන කැපවීම මැනවින් ප්‍රදර්ශනය කෙරිණි.
වසර 60 කට වැඩි කාලයක් පුරා SLIC සමාගම ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ පිළිගත් ප්‍රමුඛයකු බවට පත්ව ඇත. ගෝලීය මට්ටමින් සාමාන්‍ය රක්ෂණ අලෙවි විශිෂ්ටත්වය ඇගයීම සඳහා දිගුකාලීනව හිඩැසක් නිර්මාණය වී ඇති බව SLICGL  විසින් හඳුනා ගන්නා ලදී.
ජීවිත රක්ෂණය, මිලියන් ඩොලර් එකමුතුව (Million Dollar Round Table- MDRT) සහ ජීවිත රක්ෂණ අලෙවිකරණ හා පර්යේෂණ සංගමය වැනි අපේක්ෂිත ජාත්‍යන්තර මිණුම් මට්ටම් ස්ථාපිත කර ඇත. MDRT යනු, ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉහළම කාර්යසාධනයක් සහිත වෘත්තිකයන්ගේ විශිෂ්ටත්වය, ආචාර ධර්ම සහ පාරිභෝගික සේවා පිළිබඳව හඳුනා ගැනෙන ගෝලීය සංගමයකි. LIMRA යනු, ජාත්‍යන්තර පර්යේෂණ සහ වෘත්තීය සංවර්ධන ආයතනයක් වන අතර එය ක්ෂේත්‍රයේ අගයන මිණුම් මට්ටම් නිර්මාණය කරමින්, ලොව පුරා සමාගම් 850 කට වැඩි සංඛ්‍යාවකට පුහුණුව, දැනුම සහ ප්‍රමිති සලසා දෙන සංගමයකි.