පැහැදිලිතාවෙන් යුක්ත වන සුසංයෝගික නව්‍යතා සහ නව ප්‍රවණතා ඉලක්කකර ගත් ජාත්‍යන්තර අලෙවිකරණ ක්‍රියාමාලාවක් නොමැති වීම සඳහා දුම්තිරයක් ලෙසට වීසා නිදහස් කිරීමේ ක්‍රියාවලිය පරිවර්තනය කර නොගත යුතුය.
පුනරාවර්තනීය නිවේදන සහ ප්‍රකාශන නිකුත්ව අදාළ අරමුදල් දිගුකාලීනව ලබා ගත හැකිව තිබුණද කිසිදු අර්ථසාධනීය උත්සාහයක යෙදීමක් හෝ මුල පිරීමක් මේ වනතුරු දක්නට නොලැබේ. මෙකී අර්ථසාධනීය ක්‍රියාමාර්ග වෙත යොමු වීමට අපොහොසත් වීම හේතුවෙන් ගෝලීය අවකාශය තුළ ශ්‍රී ලංකාව නිසිලෙස ස්ථානගත කිරීමේ කර්තව්‍ය තුළ බෙහෙවින් හානිදායක ප්‍රතිවිපාකයක් උද්ගත වීමට බලපා ඇත. සෑම වර්ගීකරණයක් යටතේම එන නවාතැන් පහසුකම්වලින් එන්නා වූ අතිශය පීඩාකාරී කාමර ගාස්තු හරහා පෙර කී අසමත්භාවය මකාලීමට දායක වීමෙන් සෘජු විදේශ ආයෝජන ද වැළකෙනු ඇත. මෙය දුර්වල ආන්තික හේතුවෙන් තරගකාරී කලාපීය වෙළෙඳපොළට වඩා සැලකිය යුතු ලෙසින් අඩු මට්ටමක පවතී. මෙම කරුණ සඳහා ඕනෑම හෝටල් හිමිකරුවකු සාක්ෂි දරනු ඇත.
ශ්‍රී ලංකාව “මීළඟ බාලි දිවයින” ලෙස ස්ථානගත කිරීම සඳහා වන මෑතකාලීන සංසන්දනයක් හා ඒ හා බැඳුණු අධික සංචාරකත්වය කේන්ද්‍රකොට ගත් සියලුම දිශානති සමගින් දේශීය සංචාරක කර්මාන්තය සඳහා වන ඇල්මැති පාර්ශව විසින් ඉතාමත් නිවැරැදි ආකාරයෙන් ප්‍රතික්ෂේප කර ඇත.
නමුදු එම ක්‍රියාදාමයෙන් ඉවත් වීම සඳහා උපාය මාර්ගික තිරසාර ලෙස ශ්‍රී ලංකාවේ වර්ධනය සහ සංවර්ධනය හැඩගැස්වීම, ක්‍රියාකාරී පියවර වෙත යෑම අත්‍යවශ්‍ය වේ. සංචාරකයන්ගේ ප්‍රමාණය මත පදනම් වූ අධික සංචාරක ව්‍යාපාරයට වඩා ඉහළ ආදායම්, විභවතා සහ අගනාකම් කේන්ද්‍රීය සංචාරකයන් කෙරෙහි අවධානයට ලක්කිරීම සඳහා සඵලදායි අලෙවිකරණ මොඩලයක් පැවතිය යුතුය. එනම් වීසා ගාස්තු හෝ හෝටල් කාමරවල මිල අඩුකිරීමක් නොවේ.
ශ්‍රී ලංකාව තෝරාගැනීමෙහි ලා සංචාරකයකු ප්‍රධාන වශයෙන් ම සලකා බලනු ලබන සාධකය වීසා නිදහස බවට පත්ව තිබේ නම් එය ගැඹුරින් අධ්‍යයනයට ලක් කළයුතු ගැටලුවකි. ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සුවිශේෂී වන්නේ කුමක් නිසා දැයි යන්න පැහැදිලිව සඵලදායි අයුරින් සන්නිවේදනය කිරීමට අප අපොහොසත් වී තිබේ. සංචාරකයකුට ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සුවිශේෂී විය යුත්තේ අප වෙතින් ඔවුනට ලබා දෙන්නා වූ අත්දැකීම් සහ අනන්‍ය වූ අගනාකම් මත මිස පිරිමැසුම් දායක ගමනාන්තයක් ලෙස නොවේ.
බහුතරයක් වූ සංචාරකයන්ට වැදගත් වනුයේ බාධා රහිත වූ මාර්ගගත වීසා ක්‍රියාවලියක් වන අතර පසුගිය වර්ෂයේ පැන නැගුණ තාවකාලික බාධාවක් හැරුණු කොට ශ්‍රී ලංකාව වෙතින් දැනටමත් එය සපයනු ලැබේ. ජූනි සහ ජූලි මාසවල සංචාරකයන්ගේ පැමිණීම පහත වැටීම පුදුමය දනවන්නක් නොවේ. එම කාලපරිච්ඡේදය සාම්ප්‍රදායිකව අවාරයයි. (Off season)..
ගෝලීය අවකාශය තුළ වර්ෂය පුරා සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමෙහි ලා ස්ථීරසාර අලෙවිකරණ ක්‍රමෝපායන්ගෙන් තොරව මෙකී අවාරය තුළ සංචාරක පැමිණීම පහත වැටීම වැළැක්විය නොහැක්කකි. (වැඩිදුර අවබෝධය සඳහා අපගේ ”සෘතුමයභාවය නැවත සිතීම” යන ලිපිය කියවන්න.) ජාතික සංචාරක සන්නාමයක් විකීර්ණ මුල් පිරීම් මතින් ගොඩනගා ගත නොහැකි වන අතර ඒ සඳහා වෘත්තීමය වෘත්තාන්ත, උපාය මාර්ගික ගෝලීය මාධ්‍ය හවුල්කාරීත්ව, ශක්තිමත් ඩිජිටල් පැවැත්මක් සහ ස්ථාවර පණිවිඩ යැවීම අත්‍යාවශ්‍ය වේ. අරුගම්බෙ වෙරළ තීරයේ Surfing ක්‍රීඩාවේ නිරත වීමේ සිට මධ්‍යම කඳුකරයේ තේ දල්ල වෙත පිය නැගීම දක්වා වන ශ්‍රී ලංකාවේ වසර පුරා පවතින ආකර්ෂණීයත්වය සහ එහි විවිධත්වය ඉස්මතු කරමින් වෘත්තාන්ත නිර්මාණය කිරීමෙහි ලා යූ ටියුබ්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික් ටෝක් වැනි සමාජ මාධ්‍ය අවකාශ උපයෝගී කරගනිමින් ඩිජිටල් අලෙවිකරණයට ප්‍රමුඛතාව දිය යුතුය.
තවදුරටත් සංචාරක කර්මාන්තය මූලික කරගත් ප්‍රචාරණ යාන්ත්‍රණය වෙළෙඳපොළ ඉල්ලුම අනුව කාණ්ඩ කළයුතු වේ. එනම් සිය පවුල සමගින් ශ්‍රී ලංකාවට සැපත් වන ඉන්දියානු සංචාරකයකුට ඇල්මැති ඉලක්කගත යමක් වේ නම් මානසික සුවතාව හෝ පොදුවේ සුවතාව අරමුණු කරගෙන ශ්‍රී ලංකා දිවයින වෙත සැපත් වන යුරෝපීය සංචාරකයකු විසින් ඇල්මක් දක්වන සහ ආකර්ෂණීය වන දෑ හාත්පසින්ම වෙනස් වේ.
තවද ඉලක්කගත දත්ත කේන්ද්‍රීය තොරතුරු මූල පණිවුඩ යැවීම අත්‍යාවශ්‍ය වන අතර කර්මාන්ත කෙරෙහි ඇල්මැති පාර්ශව සමග සහයෝගීතාවෙන් යුතුව නිර්මාණය කරන ලද සම්බන්ධීකරණයෙන් යුතු සංචාරක ව්‍යාපාරය අරමුණු කරගත් ප්‍රයත්න හරහා රාජ්‍ය සහ පෞද්ගලික ආංශික සහයෝගීතාව පුළුල් කළයුතුය.
ශ්‍රී ලංකාව වනාහි ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන සංස්කෘතියෙන් සහ විවිධත්වයෙන් පොහොසත් ලොව සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස වර්තමානයේදී ද පවතී. එහෙත් දුර්වල මෙන්ම ඛණ්ඩනයට ලක්වූ සඵලතාවෙන් තොර වූ සන්නිවේදනය හේතුවෙන් එහි වටිනාකම දිගින් දිගටම දියාරු වෙමින් සහ අවතක්සේරුවට ලක් වෙමින් පවතී.
රට තුළ පවත්නා සංචාරක විභවය පූර්ණ වශයෙන් පාදා ගනිමින් ක්‍රියාවේ යෙදවීමට සහ එතුළින් යැපෙන්නා වූ මිලියන ගණනක් වන ජීවනෝපාය නගා සිටුවීමට නම් පවත්නා තත්වය සහමුලින්ම වෙනස් විය යුතුය. ජීවන වියදම වනාහි රජයට පමණක් විසඳිය නොහැකි ගෝලීය අභියෝගයක් වුවද ආදායම් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුවේ.
මෙම අභියෝගය ජයගැනීමට සහ ආදායම් වැඩි කරගැනීම සඳහා වන අරමුණ, රටේ දුරස්ථව පිහිටා ඇති ග්‍රාමීය ප්‍රදේශ පවා යොදාගනිමින් සාක්ෂාත් කර ගැනීමට සංචාරක ව්‍යාපාරයෙන් ඉතාමත් ඵලදායී මංපෙත් විවර වනු ඇත.
කෙසේවෙතත්, මෙම කර්තව්‍යය යථාර්ථයක් කරගැනීමට නම් හැකියාවෙන් සහ උපායමාර්ගික දැක්මක් සහිත කැපවුණු නායකත්වයක් අවශ්‍ය වේ. ඉටු නොකරන ලද ප්‍රතිඥාවක සිට අර්ථවත් මෙන්ම හරවත් ප්‍රගතියක් කරා මෙම ආඛ්‍යානය ඉතා ඉක්මනින්ම පියමනිනු ඇතැයි බලාපොරොත්තු සහගත මනසකින් යුතුව අපි බලා සිටින්නෙමු.