
DFCC බැංකුවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ගරුසරු’ බැංකු සේවාව යටතේ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එක්ව විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සඳහා සුවිශේෂී පහසුකමක් හඳුන්වා දී ඇත. ඒ අනුවල සුදුසුකම් ලත් රජයේ විශ්‍රාමිකයන්ට තමන්ගේ වාර්ෂිකව ලබාදිය යුතු ජීවදත්ත සහතිකය දිවයින පුරා පිහිටි තෝරාගත් DFCC බැංකු ශාඛා 50ක් හරහා තම ඇඟිලි සලකුණ භාවිතයෙන් පහසුවෙන් ලබා දිය හැකිය.
මෙම සේවාවල 2016 වසරෙන් පසුව විශ්‍රාම ගත් සහ දැනටමත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු මගින් ලියාපදිංචි වී ඇති විශ්‍රාමිකයන් සඳහා වලංගු වේ. මේ හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ ග්‍රාම නිලධාරී කාර්යාල වෙත යාම වෙනුවටල සෘජුවම DFCC බැංකු ශාඛාව වෙත පැමිණ මෙම අත්‍යවශ්‍ය කටයුත්ත ඉටු කර ගැනීමට විශ්‍රාමිකයන්ට අවස්ථාව හිමි වේ.
බැංකු ශාඛා මට්ටමින් මෙම පහසුකම ලබා දීම හරහා විශ්‍රාමිකයන්ට නැවත නැවතත් ලිපි ලේඛන පිරවීමේ සහ අමතර ගමන් බිමන් යාමට සිදුවීමේ අපහසුතා මගහැරී යන අතර, අනන්‍යතාව තහවුරු කිරීමේ ක්‍රියාවලිය වඩාත් නිවැරදිව හා විනිවිදභාවයෙන් සිදු වේ. එසේම, මෙමගින් ජාතික විශ්‍රාම වැටුප් පද්ධතියේ දත්ත වඩාත් නිවැරදිව සහ කඩිනමින් යාවත්කාලීන කිරීමටද විශාල සහායක් ලැබේ.

