පසුගියදා මුළු දිවයිනටම බලපෑ අයහපත් කාලතුණික තත්වය හමුවේ විපතට පත් වූ ජනතාවට කඩිනම් සහන සලසමින් ඔවුන් යථා තත්වයට පත් කිරීම සඳහා මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය මනා සම්බන්ධීකරණයකින් සිය දායකත්වය දැක්වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනය කර සිටී.
ජලගැලීම් සහ නාය යෑම් ඇතුළුව සියලු ප්‍රවේශ මාර්ග බිඳවැටුණු බව වාර්තා වූ දිස්ත්‍රික්කවල සේවය කළ තම සංගමයට අයත් සමාජික සමාගම්වල සේවය කළ සේවකයන්ගේ ජීවිත සුරක්ෂිත බව සහ යථා පැවැත්ම සහතික කිරීම මෙම අවස්ථාවේදී තම ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රමුඛතාව බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය අවධාරණය කරයි.
තම සාමාජික ආයතනවල විපතට පත් වූ සේවක සේවිකාවන් හඳුනාගැනීම සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංසදය ඔවුන් සමග වඩාත් සමීපව කටයුතු කරන අතර, ඔවුන්ට සිදුව ඇති හානිය හඳුනා ගනිමින් වඩාත් ඉක්මනින් ඔවුන්ගේඅවශ්‍යතා සපුරා ලීමට කටයුතු කරමින් සිටී.
දිවයිනේ පිහිටි ඇඟලුම් කම්හල් වැඩි ප්‍රමාණයක් සමාන්‍ය පරිදි සිය දෛනික මෙහෙයුම් කටයුතු මේ වන විට පවත්වාගෙන යන අතර, ස්ථාන කිහිපයක පිහිටි කර්මාන්තශාලා කිහිපයක් සඳහා ප්‍රවේශය වීමට සහ අනෙකුත් යටිතල පහසුකම් සම්පාදනයෙහි ගැටලු පැන නැගී ඇත. දිවයින පුරාම සිටින සිය සාමාජිකත්වයට අයත් සමාගම් විසින් අවතැන් වූ සිය සේවකයන් ඇතුළුව විපතට පත් වූ ප්‍රජාවට හදිසි උපකාර, නිදසුනක් ලෙස ආහාර, ඇඳුම්, තාවකාලික නිවාස, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් ලබා දෙන ලදී.
සහන කටයුතු සුමට කරලීම සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය සාමාජික සමාගම්වලින් සැදුම්ලත් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන පිහිටුවල ලද අතර, මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන හරහා විපතට පත් වූ ජනතාව සහ දිස්ත්‍රික් මට්ටමින් සිදුවූ ආපදා තත්වය පිළිබඳව නිරතුරුව යාවත්කාලීන විය. මෙම යාන්ත්‍රණයෙන් සහනාධාර අවැසි ස්ථාන සහ පුද්ගලයන්ට වඩාත් ඉක්මනින් සහනාධාර යැවීමට සහ කිසිදු සාමාජිකයකු අතනොහැරීමට වගබලා ගැනේ.
මේ වන විට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජය සමග සක්‍රීය සන්නිවේදනයක් පවත්වාගෙන යමින් මෙම සිදුවීමෙන් විපතට පත් වූ එහෙත් ළඟා වීමට අපහසු ස්ථානවල සේවය කළ සේවකයන්ගේ යාවත්කාලීන වූ තොරතුරු සහන සැලසීමේ ජාතික වැඩසටහනට ලබා දීමට කටයුතු කර ඇත. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය වැඩිදුරටත් සඳහන් කළේ “අපේ ක්ෂේත්‍රයේ ඔරොත්තුදීමේ හැකියාව පැමිණෙන්නේ අපේ ජනතාවගෙන්. මෙම අපදා තත්වයෙන් විපතට පත් වූ සියලු සාමාජිකයන් වෙනුවෙන් අපි ක්ෂේත්‍රයක් ලෙස පෙනී සිටින අතර, ඔවුන්ට මෙම අාපදා තත්වයෙන් ගොඩ ඒමට කෙටිකාලීන සහ දිගුකාලීනව ලබා දිය හැකි සියලු සහන ලබා දීමට රජය සමග කටයුතු කරමින් සිටිනවා” යනුවෙනි.

