- මෙරට තුළ පළමු ග්‍රිඩ්-පරිමාණයේ ස්වාධීන බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතිය ලෙස සැලකෙයි
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම වෙත ස්වාධීන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ව්‍යාපෘති 12 ක් වෙනුවෙන් වන නිල ලිපිය ලංකා විදුලිබල මණ්ඩලය මගින් පසුගියදා හිමි වූ බව පවසයි. ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමවේදයක් සඳහා ඉදිරිපත් කළ මිල ගණන් අනුව මෙම ව්‍යාපෘතිය සඳහා වන අවස්ථාව සමාගමට හිමි වූ බව වින්ඩ්ෆෝර්ස් පීඑල්සී පවසයි.
ඒ අනුව මෙම ව්‍යාපෘති 12 ශ්‍රී ලංකාව තුළ පිහිටුවන පළමු ග්‍රිඩ්-පරිමාණයේ ස්වාධීන බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතිය ලෙස සැලකෙන බව ඔවුන් සඳහන් කරයි.
මෙම ව්‍යාපෘති සියල්ලගේම සමස්ත ස්ථාපිත ධාරිතාව 120MW/480MWh ලෙස ගණන් බලා ඇති අතර, එය ඉදිකිරීම, හිමිකාරීත්වය සහ මෙහෙයුම් පවත්වාගෙන යාමේ (BOO) මොඩලය යටතේ වසර 15ක කාලයක කොන්ත්‍රාත් පදනම යටතේ එය පිරිනැමී තිබේ. මෙහිදී එම ව්‍යාපෘති 12 හි සම්පූර්ණ ආයෝජන වටිනාකම රුපියල් බිලියන 20.79ක් බව වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම පවසයි. මේ අතරින් ව්‍යාපෘති 11 ක සම්පූර්ණ හිමිකාරීත්වය වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම සතු වන අතර, වවුනතිව්හි ඉදිකරන ව්‍යාපෘතිය එම සමාගම සහ විදුල් ලංකා පීඑල්සී යන සමාගම් එක්ව පිහිටුවා ගෙන ඇති සමාගම් එකමුතුවක් හරහා සිදුකිරීම සැලසුම වී තිබේ.

