අද දිනයෙන් ආරම්භ වනසතියේ ගනුදෙනුවලදී කොටස් වෙෙළඳාම ස්ථාවර හා ක‍්‍රමයෙන් වර්ධනය වන ස්වභාවයක් අපේක්ෂා කළ හැකි වනු ඇත. ලාභ ඉපැයීමට වෑයම් කිරීම එක පැත්තකින් සහ සුළි කුණාටුවේ බලපෑම් සමග අවිනිශ්චිත වූ ගනුදෙනුකරුවෝ මුදල් ඉවත් කරගත් නමුත් ක‍්‍රමයෙන් නැවතත් සිය ධනය ආයෝජනය කිරීමට උත්සාහ කරනු ඇත.
සන්න්වේදන, ප‍්‍රවාහන, සෞඛ්‍ය මෙවලම්, පාරිභෝගික සේවා යන අංශවල ප‍්‍රගතියක් අවසන් සතියේ දී පැවැති අතර එය මෙම සතියේ දී බැංකු, රක්ෂණ හා තවත් පැතිවලට යොමුවනු ඇතැයි සැලකේ. විපත් සමග දුෂ්කර තැනකට පත් වූ ජන ජීවිතය නගා සිටුවීම සඳහා රජය මුදල් නිදහස් කරමින් සිටින අතර විදේශ ආධාර සහ දෙස් විදෙස් පරිත්‍යාග සැලකිය යුතු පමණකින් ලැබීම සමග බිඳ වැටුණු තැන් නැවත ගොඩනැගිය හැකි වේ. එය ආයෝජකයන්ගේ විශ්වාසයට බලපාන ප‍්‍රධාන සාධකයකි.
කෙසේ වෙතත් ඉකුත් සතියේ අවසාන ගනුදෙනුවාරයේ දී (දෙසැම්බර් 05) වෙෙළඳපොල දුර්වල වූ අතර දිනයේ මැද භාගයේ පැවැති තියුණු පහතවැටීම් අවසන් භාගයේ දී ක‍්‍රමයෙන් ආවරණය කරගැනීමක් සටහන් විය. තවමත් විදේශ ආයෝජන අංශ විකිණීම්වලට නැඹුරුය. දිනයේ ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 154.4 ක් වන අතර විකිණීම් රුපියල් මිලියන 82.4 කි. විදේශ විකිණීම් හෙයින් රුපියල් මිලියන 72 ක ශුද්ධ වටිනාකමක් රට ලැබී තිබේ. සැලකිය යුතු කාලයට පසු ශුද්ධ මිල දී ගැනීම් වාර්තාවීමවිශේෂ සිද්ධියකි.
මෙදින ගනුදෙනු අවසානයේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 21,497.08ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 329.51 ක පිරිහීමකි. එස් ඇන්ඩ් පී ශ‍්‍රී ලංකා දර්ශකය 5,942.97 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 87.69 ක පහළ වැටීමකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 3.96 කි. ගනුදෙනු 44,016 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප‍්‍රමාණය මිලියන 132.09 ක් විය. සමාගම් 70 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 193 කි.
නිරීක්ෂක

